අව්වට වැස්සට මගුලට මළගෙට හැමතැනටම අඳින ඩෙනිම සෝදන්නේ නැතුවම පිරිසිදු කරගන්නේ මෙන්න මෙහෙමයි
Tuesday, 21 February 2017 - 12:16 | Views - 10,965
ඩෙනිම් කලිසම කියන්නේ කාගේත් ජනප්‍රියම ඇඳුම. එත් සෝදන්න ගියාම සැහෙන්න වෙහෙසක් දරන්න වෙන නිසා අනිත් ඇඳුම් වගේ ඩෙනිම් කලිසම සොදන්නේ නැහැ නේද? පුළුවන් දවසක් එකදිගට ඇඳලා තමයි සොදන්නේ. එහෙම අඳින අයට වටිනා දෙයක් තමයි මේ කියන්න යන්නේ.


ඩෙනිම් කලිසම කියන්නේ අනිත් ඇඳුම් වගේ නිතරම අපිරිසිදු වෙන ඇඳුමක් නෙමෙයි. එත් දුහුවිලි,කුණු නොගෑවී තියෙන්නෙත් නැහැ. ඒ නිසා ඔබ ඩෙනිම් කලිසම අඳින්න කලින් brush එකකින් හොදින් පිරිසිදු කරන්න. එතකොට කලිසමේ රැඳිලා තියෙන කුණු දුහුවිලි ඉවත් වෙනවා. ඊටපස්සේ ඔබේ ඩෙනිම ශීතකරණයේ දාන්න.

එහෙම කිවුවහම ඔබ පුදුම වුනාද ?
බැලූබැල්මට විකාර අදහසක් වගේ හිතුනට ඒක ඔබේ ඩෙනිම් කලිසම පිරිසිදු කරගන්න තියෙන සාර්ථක විසඳුමක්. brush එකකින් පිසදමා එහි ඇති දුහුවිලි කුණු ඉවත් කලද ඔබ එය කිහිප වතාවක් සොදන්නේ නැතුව ඇඳපු නිසා එහි විෂබීජ , බැක්ටීරියා තැම්පත් වනවා. ඒ නිසා සමහරවිට ඔබට එයින් දුගඳක් ද දැනිල ඇති.. එහෙත් ඔබට ඒකටත් විසඳුමක් තියෙනවා.කලින් කිවුවේ ඒ ගැනයි.

 

ඔබේ ඩෙනිම් කලිසම දමන්න පුළුවන් ප්‍රමාණයේ ziplock පොලිතින් බාගයක් ගන්න. කලින් සඳහන් කළා වගේ ඩෙනිම් කලිසම හොඳින් පිසදමා මේ බෑගයට දමා ziplock එක හොඳින් වසන්න. පසුව එය පැය කිහිපයක් ඔබේ ශීතකරණයේ අධිශීත කොටසේ දාලා තියන්න. ශීතකරණයේ ඇති අධික ශීත බව නිසා ඩෙනිම් කලිසමේ ඇති බැක්ටීරියා විනාශ වෙනවා වගේම අර දුර්ගන්ධයද නැතිවී යනවා.

කාර්යබහුල අය වගේම ඇඳුම් සෝදන්න කම්මැලි අය අදම මේ ක්‍රමය අත්හදා බලන්න.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top