විෂ සහිත මැඩියන් ආහාරයට ගත්තු අයට වෙච්ච වැඩේ මෙන්න
Sunday, 23 April 2017 - 14:04 | Views - 5,338
විෂ සහිත මැඩියන් ආහාරයට ගත් දකුණු කොරියානු ජාතිකයෙකුට දිවි අහිමි වූ පුවතක් විදෙස් මාධ්ය වාර්තා කරනවා.
පුද්ගලයන් පිරිසක් ඩෙයිජීන් නගරය ආසන්නයේ වන ලැහැබක සිටියදී මෙම සුවිසල් ගෙම්බන් සොයා ගෙන තිබෙනවා.
ආහාරයට ගන්නා බුල් ෆ්රෙග් ගෙම්බන් යැයි මොවුන් විශ්වාස කර ඇති බව සදහන්.
ඉන් දිනකට පසුව ඔවුන් මෙම මැඩියන් රසවත් ලෙස පිළියෙළ කර ඔවුන් ආහාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙසේ මැඩියන් ආහාරයට ගත් පුද්ගලයින්ගෙන් 57 හැවිරිදි පුද්ගලයෙකු ඒ මොහොතේ සිට වමනය කිරීම අරඹා ඇති අතර,ඔහු රෝහල්ගත කිරීමෙන් පසුව ඊට පසුදින ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
පොලීසිය පවසන්නේ මෙම මැඩියන්ගේ විෂ මියගිය පුද්ගලයාගේ ශරීරයේ තිබී සොයාගත් බවයි.
මෙම මැඩියන් ආහාරයට ගත් සෙසු පිරිසටද පෙරකී මියගිය පුද්ගලයා පෙන්වූ ආසාධිත තත්වයන් පිළිබිඹු කළද ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට වෛද්යවරුන් සමත්ව තිබෙනවා.
Share This Article