ඔබ මෙතෙක් නොදැන සිටි පිරිමි දරුවන් අම්මලාගෙන් සොයන කාරණා 10 ක් මෙන්න
Sunday, 23 April 2017 - 13:12 | Views - 64,185
දරුවන්ගෙන් පෙනෙන්නට ඇති සමහර ගති ලක්ෂණ ඔවුන් වැඩිහිටියන් වු පසුවත් දකින්න ලැබෙන්න පුළුවන්.

අම්මලා තමන්ගේ පුතුන්ට මේ විශේෂතා ඔවුන්ට දැක්වුවොත් ඔවුන් ලොකු මහත් වු පසු ඔවුන්ගෙනුත් ඒවා දකින්නට ලැබේවි.

1. ඇඟෑලුම්

පිරිමින් හුඟක් වෙලාවට ඇඟෑලුම් බව දක්වන්න දන්නේ නැහැ. ඉතින් කුඩා කාලයේ ඔවුන් එය අත්දුටුවා නම් නැතිනම් ඇඟෑලුම් පෑම වරදක් නොවන බව දරුවාට ඒත්තු ගන්වන්න. පෙන්වන්න.

2. සුවපහසුව

අම්මා කෙනෙකුගේ තුරුලේ දරුවෙකුට ලැබෙන සුවය කොයිතරම් දැයි කියන්න බැහැනෙ. එය වචනයෙන් විස්තර කරන්න බැහැ. ඉතින් ඒ බව නොඅඩුව දරුවට විඳින්න ඉඩ දෙන්න.

3. නර්තනය

තාත්තලා දූලත් එක්ක නර්තනයක යෙදෙන විට දකින ලස්සන වගේම තමයි පුතෙකුයි අම්මෙකුයි ලස්සන නර්තනයක යෙදෙන විට දැනෙන අපූරුව.

4. අසීමාන්තික ආදරය

අම්මගේ ආදරයට සීමාවන් නැහැ. කොයි වයසේ හිටියත් ඒ ආදරය එක වගෙයි.

5. ඔහුට හොඳම පියෙකු හිමිකර දෙන්න

ඔබේ පුතා ඔබේ සැමියා තුළින් දකින දේම හෙට ඔහු ඔහුගේ ජිවිතයේ ඔහු සැමියෙකු පියෙකු ලෙස ඉදිරියට ගෙන යනවා. ඒ නිසා පීතෘත්වයේ වටිනාකම ඔහුට කියාදෙන්න.

6. පරමාදර්ශී බව

ඔබේ පුතා හැමවිටම ඔබව අනුගමනය කරන බව මතක තබා ගන්න. ඊට ඔහු හැමදාමත් හිස නමනවා. ඒ නිසා හැකි උපරිම ඔබෙන් ඉටු කරන්න.

7. සහයෝගය

මිනිසුන් ලෙස අපි එකිනෙකට උදවු කර ගැනීම වටිනවා. ඉතින් තමන්ට අමාරු අවදානම් අවස්ථාවන් වල පිහිටට අම්මා හැර වෙන කවුරුන් ඉදිරිපත් වෙන්නද?

8. තාත්තට ගරු කරන්න

ඔබ ඔබේ සැමියාට ගරු කරන ආකාරය දෙස බලා ඔවුනුත් ඔහුගේ පියාට ගරු කරන්න ඉගෙන ගන්නවා.

9. වගකීම

වගකීම් දරන මවක් දරුවෙකුට සැබෑම ආදර්ශයක්. ඔහු ඒ මග නිබඳවම යනවා.

10. රහස්

කිසිවිටකත් දඬුවම් හෝ විනිශ්චයන්ගෙන් තොරව ඔහුගේ රහස් ඔබට කියන්නට හැකි ලෙස පරිසරය සකසන්න. මේ ලෙස ඔබට නොබිඳෙනා සබඳතාවයක් ගොඩනගා ගන්න පුළුවන්.



- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top