නිධන් හෝ පුරාවස්තු සොයන අයට තවත් අනතුරු ඇඟවීමක්.. කැණීම් උපකරණ සමඟ සැකකරුවන් 4ක් දුම්මලසූරියේදී කොටු වූ හැටි..
Friday, 27 November 2026 - 15:54 | Views - 55
පුද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු කැණීම් උපකරණ සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දුම්මලසූරිය පොලිස් වසමේ නැවකඩ ප්රදේශයේදී දුම්මලසූරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් මතයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 56, 58, 64 හා 71 වයස්වල පසුවන උඩුබද්දාව, උහුමීය, බංගදෙණිය හා කලුගමුව ප්රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙක්.
Share This Article