දශකයක් තුළ මෙරට ආඝාත රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක්.. රටටම විශේෂිත ප්‍රතිකාර ඒකක 10යි.
Friday, 27 November 2026 - 15:36 | Views - 48
පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ ආඝාත (Stroke) රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ ස්නායු රෝග පිළිබඳ මහාචාර්ය උදය රණවක පවසනවා.

ජාතික ආඝාත සංගමය විසින් කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පසුගිය වසර 10ක කාලය තුළ රැස්කළ දත්ත විශ්ලේෂණය කිරීමේදී මේ බව තහවුරු වී ඇති බවයි.

කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආඝාත රෝග ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.

මෙරට තෝරාගත් ජන ප්‍රජාවන් ආශ්‍රිතව සිදුකළ පර්යේෂණවලදී ඊට සහභාගී වූ පුද්ගලයින් දසදෙනෙකුගෙන් එක් අයෙකු පමණ ආඝාතයට ගොදුරු වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, දිවයින පුරා දැනට ක්‍රියාත්මක වන්නේ ආඝාත රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන විශේෂිත ඒකක 10ක් පමණ බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම සහ ප්‍රධාන රෝහල්වල අවම වශයෙන් එක් ආඝාත ප්‍රතිකාර ඒකකයක් බැගින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළා.

ආඝාතයට ගොදුරු වූ රෝගීන්ට මුල් අවධියේදීම ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් සහ විශේෂිත ඖෂධ තවමත් ඇතැම් රෝහල්වල නොමැති බව ද සඳහන්.

මේ අතර, ආඝාත රෝගීන් රෝහල්ගත කිරීමේ ප්‍රමාණය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මෙරට වාර්තා වන ආඝාත තත්ත්වයන්ගෙන් සියයට 75ක් පමණ මොළයට රුධිරය සපයන රුධිර නාල අවහිර වීම හේතුවෙන් ඇතිවන ඉස්කිමික ආඝාත (Ischaemic Stroke) තත්ත්වයන් බවයි මහාචාර්ය උදය රණවක සඳහන් කළේ.

ආඝාත රෝගීන්ට කඩිනම් සහ නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා මෙරට ප්‍රතිකාර පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top