ලොවම කැළඹූ Microsoft සේවා බිඳවැටීම පැය 18කට පසු යළි යථා තත්ත්වයට.. Outlook, Teams සහ Copilot සේවා යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි..
Friday, 13 November 2026 - 18:41 | Views - 61
ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට බලපෑ දැවැන්ත තාක්ෂණික බිඳවැටීමකින් පැය 18කට ආසන්න කාලයකට පසු Microsoft සමාගමේ සේවාවන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව වාර්තා වනවා.

මෙම බිඳවැටීම හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අවම වශයෙන් රටවල් 74ක ව්‍යාපාරික ආයතන, පාසල් සහ රාජ්‍ය ආයතනවල දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

විශේෂයෙන් Microsoft Outlook විද්‍යුත් තැපැල් සේවාව, Microsoft Teams සහ Copilot ඇතුළු ප්‍රධාන සේවාවන් රැසකට ප්‍රවේශ වීමට පරිශීලකයින්ට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් ලොව පුරා ආයතන රැසක සන්නිවේදන කටයුතු සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන රාජකාරි කටයුතු අඩාල වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම දැවැන්ත සේවා බිඳවැටීම සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් නොවන බව Microsoft සමාගම අවධාරණය කර ඇති බව සඳහන්.

ආරක්ෂිත අන්තර්ජාල සම්බන්ධතා ස්ථාපිත කිරීම සඳහා භාවිත කරන සේවාදායක පරිගණකවලට දරාගත නොහැකි තරම් ඉල්ලීම් ලැබීම හේතුවෙන් ඒවාට අදාළ ඉල්ලීම් නිසි පරිදි සැකසීමට නොහැකි වීම මෙම බිඳවැටීමට හේතුව බවයි සමාගම පැහැදිලි කර ඇත්තේ.

මූලාශ්‍රය : ෆොක්ස් නිව්ස්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top