අනුරාධපුර - රඹෑව ප්‍රදේශයේදී බස් රථ 3ක් ගැටී මාරක අනතුරක්.. මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළට - 50කට අධික පිරිසක් රෝහලේ..
Tuesday, 10 November 2026 - 11:34 | Views - 85
මුළු රටම දැඩි ශෝකයට පත් කරමින් අනුරාධපුර - යාපනය ප්‍රධාන මාර්ගයේ, රඹෑව ප්‍රදේශයෙන් වාර්තා වූ අතිශය බිහිසුණු මෙන්ම කණගාටුදායක බස් අනතුරක් වාර්තා වුණා.

අද (10) උදෑසන කාලයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) අයත් බස් රථ දෙකක් සහ තවත් පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී මෙම මාරක අනතුර සිදුව ඇති බව මිහින්තලය පොලිසිය තහවුරු කර සිටිනවා.

මුලින් ලැබුණු වාර්තා අනුව තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසුණද, අනතුරේ බරපතළකම හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එපමණක් නොවෙයි මේ බිහිසුණු ගැටුමෙන් තුවාල ලැබූ 50කට අධික මගීන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර, රඹෑව සහ මැදවච්චිය යන රෝහල් වෙත ඇතුළත් කිරීමට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති බව වාර්තා වුණා.

උදෑසන කාලයේ සිදු වූ මේ අනතුරත් සමඟ ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතුවලටද දැඩි බාධා එල්ල වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top