"සමාජය අඳුරෙන් ආලෝකයට ගෙන ඒම අප සැමගේම වගකීමක්!" විපක්ෂ නායකතුමාගේ දීපවාලී සුබ පැතුම් පණිවිඩය..
Sunday, 08 November 2026 - 9:54 | Views - 37
දීපවාලී උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සුබ පැතීමේ පණිවිඩය නිකුත් කර තිබෙනවා.
එහිදී විපක්ෂනායකවරයා සදහන්කර ඇත්තේ සමාජය අඳුරෙන් ආලෝකයටත් අයහපතෙන් යහපතටත් ගෙන ඒම නරකට නපුරට එරෙහිව කටයුතු කරන සියලු දෙනාගේම වගකීම බවයි.
විපක්ෂනායකවරයා තැබූ සටහන පහතින්.
''සමාජය අඳුරෙන් ආලෝකයටත් අයහපතෙන් යහපතටත් ගෙන ඒම නරකට නපුරට එරෙහිව කටයුතු කරන සියලු දෙනාගේම වගකීම යි. එම වගකීම ඉටු කිරීමට අධිෂ්ඨානශීලී ව කැපවීම දීපවාලිය තුළ සැඟව ඇති දර්ශනය සහ මඟපෙන්වීම යි. ඒ වෙනුවෙන් ජාති ආගම් පාට පක්ෂ භේදයෙන් තොරව එකට එකතු වෙමු.''
Share This Article