අඳුර දුරු වී ආලෝකය උදා වේවා! ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් හා භක්තියෙන් සමරන දීපාවලී උත්සවය අදට යෙදෙයි..
Sunday, 08 November 2026 - 9:00 | Views - 41
දීපාවලී උත්සවය කියන්නේ සමස්ත ලෝකවාසී හින්දු බැතිමතුන් අතිශය උත්සවාකාරයෙන් සහ මහත් භක්තියෙන් යුතුව සමරනු ලබන වර්ණවත් සංස්කෘතික උත්සවයක්.

ඉන්දියානු සංස්කෘතික උත්සව අතර ප්‍රමුඛතම ස්ථානයක් හිමි කරගන්නා මේ දීපාවලී උත්සවය, අයහපත පරදා යහපතත්, අඳුර පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කරන අතිශය පූජනීය සැමරුමක්.

විෂ්ණු දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කර යහපත හා ආලෝකය ස්ථාපිත කිරීම සිහිපත් කිරීම මේ උත්සවයේ ප්‍රධානතම ආගමික අරමුණක් ලෙස සැලකෙනවා.

නව සඳ උදාවට සමගාමීව පැවැත්වෙන මේ වර්ණවත් මංගල්‍යයේදී, තමන්ගේ මුළු දිවියෙන්ම අඳුර දුරු වී ආලෝකය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් සිය නිවෙස් පුරා මැටි පහන් දල්වා ප්‍රභාමත් කිරීමට කටයුතු කරනවා.

ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත හින්දු ජනතාව එකිනෙකාට සුබපැතුම් හුවමාරු කරගනිමින්, නව ඇඳුමින් සැරසී, රසකැවිලි බෙදාගනිමින් මේ දීපවාලි උත්සවය සමරන බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top