බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විමේ අවදානමක්.. ධීවරයින්ට සහ නාවිකයින්ට අනතුරු ඇඟවීමක්..
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්රදේශයේ මේ වන විට පවතින පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුළ සුළි කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම තත්ත්වය හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වලකින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවුක කටයුතු යෙදෙන ප්රජාව ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
ඒ අනුව, උතුරු අක්ශාංශ 10 ත් 15 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු කලාපයේ මේ වන විට රැදී සිටින ධීවර යාත්රා වාහාම එම ප්රදේශවලින් ඉවත්ව උතුරු හෝ දකුණු දෙසට යාත්රා කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
මේ හේතුවෙන් එම මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 70 දක්වා වැඩි වන අතර, එම මුහුදු ප්රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකියි.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර, මඩකළපුව දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (01) දිනයේ ද මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.