තුන්කොන් සටනේ අවසන් මහා සංග්රාමය අද.. කුසලානය වෙනුවෙන් ශ්රී ලංකාව සහ පාකිස්ථානය මුහුණට මුහුණ..
පාකිස්ථානය, ශ්රී ලංකාව සහ එංගලන්තය යන කණ්ඩායම් තුන අතර පැවැත්වෙන ත්රිපෝෂිත තුන්කොන් ක්රිකට් තරගාවලියේ අතිශය උද්වේගකර අවසන් මහා තරගය අද (31) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙම අවසන් තරගයේදී කුසලානය වෙනුවෙන් සටන් වදින්නේ ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායමයි.
ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට පාකිස්ථානයේ ලාහෝර් නුවර පිහිටි ක්රීඩාංගණයේදී මෙම තීරණාත්මක තරගය ආරම්භ වීමට නියමිතයි.
එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ මෙම කණ්ඩායම් දෙකම අද දිනයේ කුසලානය වෙනුවෙන් කරට කර සටනක නිරත වනු ඇති බවට වාර්තා වුණා.