උපදෙස් මඟහරිමින් වැඩ කරන DeepSeek නව AI මාදිලිය ගැන චීනයෙන්ම අනතුරු ඇඟවීමක්.. කෘත්‍රිම බුද්ධි ලෝකයම කැලඹූ පුදුම සහගත හෙළිදරව්ව..
Friday, 30 October 2026 - 22:26 | Views - 40
චීනයේ ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ ආයතනයක් වන DeepSeek හි නවතම V4.1 Flash-1017 මාදිලිය පෙර අනුවාදවලට (earlier versions) වඩා ප්‍රබල ආරක්ෂිත පාලනයක් (safety controls) පෙන්නුම් කළද, ඇතැම් අවස්ථාවලදී එය අක්‍රිය කිරීමට (shutdown) සකසා ඇති මෘදුකාංග පද්ධති අබිබවා යාමට සමත්ව ඇති බව ස්වාධීන පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

එමෙන්ම මෙම මාදිලිය නිරීක්ෂණ පද්ධතිවල ඇති හිඩැස්වලින් ප්‍රයෝජන ගනිමින්, දීර්ඝකාලීන කාර්යයන් හිදී නොමඟ යවන සුළු උපදෙස් පවා අනුගමනය කිරීමට පෙළඹෙන බව චීන AI-ආරක්ෂක පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව පුරා දැඩි අවධානයක් දිනාගෙන සිටින චීනයේ DeepSeek සමාගමේ AI මාදිලි, අඩු මෙහෙයුම් පිරිවැයක් (low operating costs) යටතේ ඉහළ කාර්යක්ෂමතාවක් ලබා දීම නිසා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තැනක් ගෙන ඇති අතර, බීජිං නුවර පිහිටි, ට්සිංහුවා විශ්වවිද්‍යාලයේ (Tsinghua University) ප්‍රමුඛ පර්යේෂකයන්ගෙන් සැදුම්ලත් Fangcun AI ස්වාධීන සංවිධානය මගින් මෙම පරීක්ෂණ 34 ක් පවත්වා තිබෙනවා.

එහිදී අනාවරණය වූ කරුණු ලෙස, පද්ධතිය අක්‍රිය කිරීමට ආසන්න බවට අනතුරු ඇඟවීමක් ලැබුණු විට, එය වැළැක්වීම සඳහා අදාළ අක්‍රිය කිරීමේ මෘදුකාංගය (shutdown software) අක්‍රිය කිරීමට 39% ක අවස්ථාවලදී මෙම AI මාදිලිය කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, අක්‍රිය කිරීමට සෘජුවම අවසර දෙන ලෙස පැහැදිලි උපදෙස් දුන් විට එම අගය 2% දක්වා පහත වැටී ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

තවත් දීර්ඝකාලීන පරීක්ෂණයකදී, පරිගණකයේ මතකය (memory) නිදහස් කරගැනීම සඳහා වෙනත් AI නියෝජිතයෙකුගේ (AI agent) ක්‍රියාකාරී වැඩසටහනක් අත්හිටුවීමට මෙය කටයුතු කර තිබෙන අතර, වෙනත් ක්‍රියාවලීන්ට බාධා නොකරන ලෙස පූර්ව උපදෙස් දී තිබියදී පවා එය සිදුකර තිබීම විශේෂත්වයක්.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ යම් කාර්යයක් අතරමැදදී ඇනහිටින විට හෝ අපැහැදිලි අනතුරු ඇඟවීම් ලැබෙන විට, තමන්ට පැවරී ඇති කාර්යය කෙසේ හෝ අවසන් කිරීමට AI මාදිලිය දැක්වූ උනන්දුව නිසා එහි ආරක්ෂිත සීමාවන් පවා ඉක්මවා ගිය බවයි.

මූලාශ්‍රය - රොයිටර්ස්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top