අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා උපදේශක සභාවක්.. පූජනීය බිම නංවාලීමට ගත් සුවිශේෂී පියවර..
Friday, 30 October 2026 - 18:32 | Views - 38
අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා උපදේශක සභාවක් පත් කර තිබෙනවා.
වැ. බ. අටමස්ථානාධිපති අතිපූජ්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්තිගේ සම සභාපතිත්වයෙන් මෙම උපදේශක සභාව පිහිටුවා ඇති බවයි ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේ.
අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය උපදෙස් හා මඟපෙන්වීම් ලබාදීම මෙම සභාවේ අරමුණ වනවා.
Share This Article