ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ලූණු මිල ඉහළට.. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්..
Thursday, 29 October 2026 - 16:28 | Views - 40
දේශීය වෙළෙඳපොළ තුළ ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ළූණු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය විසින් අනාවරණය කර තිබෙනවා.

ඉන්දියාවෙන් මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම අත්හිටුවීමට ගෙන ඇති තීරණය මෙලෙස වියළි මිරිස් මිල එකවරම ඉහළ යෑමට ප්‍රධානතම හේතුව වී ඇති බව එම සංගමයේ සභාපති එස්. විනායග සුන්දරම් සඳහන් කළා.

නියමිත ප්‍රමිතියට නොමැති බව පවසමින් ආනයනික වියළි මිරිස් කන්ටේනර් 100කට වැඩි අතිදැවැන්ත ප්‍රමාණයක් මේ වන විටත් රේගු භාරයේ රඳවා තබාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පසුගියදා ප්‍රකාශ කළා.

ප්‍රමිති ආයතනය සහ ආහාර පරීක්ෂකවරුන් විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති මෙම කන්ටේනර් මෙරට වෙළඳපොලට මුදා නොහැර නැවත ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තත්ත්වයත් සමඟ කෝපයට පත්ව ඇති ඉන්දියාවේ වෙළෙඳ සංගම් මෙරටට වියළි මිරිස් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් මේ වන විට වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 1300ක් දක්වා අදහාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව, ලෝක කාලගුණික එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු (බී ලූණු) මිලද සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top