කොංගෝවේ ඉබෝලා ආසාදිතයන් 10,000 ඉක්මවයි – අප්‍රිකාව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක්
Wednesday, 28 October 2026 - 16:49 | Views - 62
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඉබෝලා වෛරසය ආසාදනය වූ බවට තහවුරු කළ පුද්ගලයන් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, එරට මහජන සෞඛ්‍ය ආයතනයේ නවතම දත්තවලට අනුව ආසාදිතයන් සංඛ්‍යාව 10,060ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 4,887ක් බවයි.

මෙම ව්‍යාප්තියට හේතු වී ඇත්තේ දුර්ලභ ගණයේ බුන්ඩිබුග්යෝ ඉබෝලා වෛරස ප්‍රභේදය වන අතර, මැයි මස මැද භාගයේදී ප්‍රකාශයට පත් කෙරුණු මෙම ව්‍යාප්තිය, මේ වන විට කොංගෝවේ වාර්තා වූ විශාලතම සහ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු කළ ඉබෝලා ව්‍යාප්තිය බවට පත්ව තිබෙනවා.

ඒ අනුව, 2018 සිට 2020 දක්වා කාලයේදී එරටින් වාර්තා වූ ඉබෝලා ව්‍යාප්තිය ද මෙය ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

මේ අතර, කොංගෝවෙන් ඔබ්බට තවත් අප්‍රිකානු රටවලට වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පිළිබඳව ද සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

කෙන්යාවෙන් මෙම මාසයේදී පළමු ඉබෝලා ආසාදිතයා වාර්තා වූ අතර, පසුව එරටින් ආසාදිතයන් නවදෙනෙකු හඳුනාගෙන තිබෙන අතර, කොංගෝවේ සිට උගන්ඩාව හරහා කෙන්යාවට පැමිණි පුද්ගලයෙකු නයිරෝබි නුවරදී මියයෑමෙන් පසු මෙම ආසාදන හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව සහ ඇගේ සැමියා සඳුදා දිනයේදී ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයේ රෝහල් වෙත ගුවන් මගින් රැගෙන ගොස් තිබෙනවා.

උගන්ඩාවෙන් ද මැයි සහ ජුනි මාසවලදී ඉබෝලා ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් බහුතරයක් කොංගෝවෙන් පැමිණි පුද්ගලයන් බව සඳහන්. කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය උගන්ඩාවේ ඉබෝලා ව්‍යාප්තිය අවසන් වූ බව ප්‍රකාශයට පත් කළා.

මේ අතර, කොංගෝවේ සංචාරය කළ ඉතිහාසයක් සහිතව නැවත උගන්ඩාවට පැමිණෙන එරට පුරවැසියන් දින 21ක නිරෝධායනයකට යොමු කරන බව උගන්ඩා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

මීට පෙර, 2014 සිට 2016 දක්වා බටහිර අප්‍රිකාවේ පැතිර ගිය ඉබෝලා වසංගතය ඉතිහාසයේ විශාලතම ව්‍යාප්තිය ලෙස සැලකෙන අතර, එහිදී පුද්ගලයන් 28,600කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී 11,000කට වැඩි පිරිසක් මියගොස් තිබුණා.

මූලාශ්‍රය - Reuters 

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top