ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීමේ නියෝගය ලබන 03 වැනිදා තෙක් කල් තැබෙයි
Wednesday, 28 October 2026 - 14:53 | Views - 67
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඇප පිළිබද සලකා බැලීමේ නියෝගය ලබන 03 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (28) නියෝග කළා.

සැකකරුගේ ඇප සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෝසමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් මෙම මෝසම අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති නීතීඥ අලි සබ්රි විසින්.

මෙම සිද්ධියට අදාලව සැකකරු ලබන 06වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අධිකරණයේ පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂක (නීති) තනුජා බංඩාර සඳහන් කළේ ඊයේ (27) දින සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා විසින් කරන ලද ප්‍රකාශයක් වන "අද පීඩාකාරි ලෙස හැසිරෙන අය ඉදිරි දින පීඩිතයා බවට පත්වනවා” යන්න සම්බන්ධයෙන් තමාට කරුණු දැක්වීමට ඇති බවයි.

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂක (නීති) තනුජා බංඩාර -

" ස්වාමීනි, ඊයේ දින ජනාධිපති නීතීඥතුමා විසින් අවසන් වශයෙන් කිව්වා. අද පීඩාකාරි ලෙස හැසිරෙන අය ඉදිරි දින පීඩිතයා බවට පත්වනවා කියලා. එහෙනම් ස්වාමීනි අද පීඩකයා හෙට පිඩිතයා වෙන්න පුලුවන්. මට ඒ සම්බන්ධයෙන් ද මාධ්‍යයෙනුත් අසන්න ලැබුණා. ඒ ආකාරයටම. ඉතින් ස්වාමීනි කවුද දැන් පිඩකයා ඉදිරියේදී කවුද පීඩිතයා. ස්වාමීනි දැන් එතකොට පීඩතයා මම, අල්ලස් කොමිසම, සාක්ෂිකරුවන් වෙන්න පුලුවන්. මෙම නඩුවේ සාක්ෂිකරුවන් මුල් අවස්ථාවේදි ප්‍රකාශ දෙන්න බිය වු අය, පසුව නාමල් රාජපක්ෂ, ජානකී රිමාන්ඩ් වුණාට පස්සේ නොබියව ඉදිරියට ඇවිත් සාක්ෂි දුන්නා. යම් ආකාරයකින් සාක්ෂිකරුවන්ට බලපෑමක් වෙනවා නම් එය යුක්ති සහගත වන්නේ නැහැ.

" ස්වාමීනි, එම සාක්ෂිකරුවන් දෙදෙනකු පවසා තිබෙනවා. සත්‍ය ප්‍රකාශ කිරීමට බයක් නැහැ කියලා. කවුද ස්වාමීනි ඉදිරියේ පීඩිතයන් වන්නේ. මෙම සාක්ෂිකරුවන් නේද?. මෙම සැකකරුගේ මව සහ පියා බලාගන්න අවශ්‍ය බැවින් ඇප දෙන්න කියලා ඉල්ලුවා. ඒ අයව රැකබලා ගන්න වෙනම අය ඉන්නවා. ඒක අප දන්න කාරණාවක්නේ ස්වාමීනි. මෙම වරද සාමාන්‍ය දෙයක් නොවේ. පාරමාධිපත්‍යයට කරන විශාල හානියක්. නීතියේ දෙවගනගේ ඇස් බැන්දා කියන එකම තේරෙනවාත මිලියන 22 ජනතාව වෙනුවෙන් සත්‍ය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. මෙම විමර්ශනයේ බරපතලකම සිතා ඇප ලබා දිමට විරුද්ධ වෙනවා"

එම අවස්ථාවේදි සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසා සිටියේ ‘පීඩිතයා’ සහ ‘පීඩකයා’ සම්බන්ධයෙන් කියු කතාව අල්ලස් කොමිසම පවසන පරිදි අර්ථ නොදැක්වු බවත් තොප්පිය අදාල නම් දාගන්නා ලෙසත්ය.

ජනාධිපති නීතීඥ අලි සබ්රි - "ස්වාමීනි, කිසිම තැනක මම කිව්වේ නැහැ පීඩාකාරි කෙනා හෙට පීඩිතයෙක් බවට බවට පත් වෙන්න පුළුවන් කියලා. අද පීඩිතයා හෙට පීඩකයා වෙනවායි කියලා කිව්වේ නැහැ. මේ දෙකේ විශාල වෙනසක් තියෙනවා. මේ රෝදය කැරකෙනවා, ඒක තමයි මම අදහස් කළේ . අනිත් එක තොප්පිය දාගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් දාගන්න. කවුද පීඩකයා කියලා කියන්නේ, ජනාධිපතිතුමා රට වටේම ගිහිල්ලා කියනවා පම්පෝරි ගහනවා. අහවල් දවසට නඩු තීන්දු දෙනවායි කියලා. ලැයිස්තුවක් තියෙනවා කියලා 50ක් කියලා. මෙදාට නියෝගය දෙනවා. රතිඤ්ඤා පත්තු කරන්න. අත්පොඩි ගහන්න කියනවා. නඩු ෆයිල් වෙනවා. එයලා ඉස්සල්ලාම දන්නවා. එයාලා තමා පීඩිතයෝ. 1954 තමා අල්ලස් පනත ගෙන්නේ. 1978 සංශෝධනය වෙනවා. 2003 අලුත් පනතක් ගෙනවා. හැමෝම කැමති අවුරුදු 76ක අල්ලස් දුෂණය නැති කරනවාට. කළින් හිටපු අධිකරණ ඇමති දන්නැහැ. නඩුව එන්නත් කළින් මේ නඩුව තියෙනවා කියලා. දැන් ඉන්න අය සේරම දන්නවා. පීඩිතයා කියන්නේ ඒ අය."

" 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5වන පරිච්ඡේදයේ කියලා තියෙන්නේ " වරදකරුවෙකු කරන තෙක් පුද්ගලයා නිර්දෝෂී බවයි. 13 වන ව්‍යවස්ථාවේ 12 වන පරිච්ඡේදයේ දක්වලා තියෙන්නේ "ආගම,කුලය,දේශය,ස්ත්‍රී, පුරුෂ බව සහ දේශපාලන මතය අනුව සැකකරුවෙකුට විශේෂ තත්ත්වයක් හෝ වෙනස්කමක් නොකළ යුතු බවයි. අපිට විශේෂතාවයක් එපා වෙනස්කමක් නොකර සාමාන්‍ය තත්වයෙන් සලකන්න. විනිශ්චකාරතුමා නරඹන්නෙක් නොවෙයි. ඔබතුමාගේ බලය කාගේවත් කැමැත්තට යට නොකර භාවිත කරන්න. අධිකරණ බලය යටපත් කරන්න දෙන්න එපා. "

"මගේ සේවාදායකයා දැනට දවස් 50ක් රිමාන්ඩ් එකේ. මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවලට මරණ දඩුවම දුන්නත්, නඩු විභාගය යන තුර ඔවුන්ට ඇප ලබා දෙනවා. මෙම අල්ලස් නඩුවට දඩුවම උපරිම අවුරුදු 10යි. ඇයි ඇප ලබා දෙන්න බැරි. තමන්ගේ අම්මාට බරපතල බයිපාස් එකක් කර තිබීම, තාත්තා හයිපර්ටේන්ෂන් (Hypotension) තත්ත්වයෙන් පෙලෙද්දී ඔවුන් අවශ්‍ය කටයුතු කරදීම දරුවකුගේ වගකීමක්. මං දන්නැහැ ඇයි ඒක සුවිශේෂි නොවන්නේ කියන්නේ කියලා. දැන් අලුත් දෙයක් නිර්මාණය කරලා. බොරු ප්‍රකාශ 2ක් දලා. කරුණු සලකා බලා ඇප ලබා දෙන්න.”

එම අවස්ථාවේදි අල්ලස් කොමිසම පවසා සිටියේ ‘මේවා බොරු ප්‍රකාශ නොවන බවයි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුගේ ඇප සම්බන්ධයෙන් සලකා බැලීම ලබන 03 වැනිදා තෙක් කල් තැබුවා.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top