දිස්ත්රික්ක පහක ප්රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්.. අවදානම් ප්රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි දැනුම්දෙයි..
ප්රදේශ කිහිපයකට අදාළව නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ගාල්ල තවලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු අදියර යටතේ (කහ) නිවේදනයක් නිකුත් කර තිබෙන අතර කළුතර දිස්ත්රික්කයේ මිල්ලනිය, බුලත්සිංහල, බේරුවල සහ මදුරාවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද කහ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර කළුතර දිස්ත්රික්කයේම වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අවට ප්රදේශ සඳහා දෙවැනි මට්ටම යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල, අරණායක, යටියන්තොට සහ මාවනැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පළමු මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව කෝරළය සහ නොර්වුඩ් ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහාද පළමු මට්ටමේ (කහ) නිවේදනයක් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර රත්නපුර දිස්ත්රික්කයේ ඇලපාත සහ පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීමක් සමග කුරුවිට, අයගම සහ රත්නපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටම යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කිරීමටද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබෙනවා.