ගඩාෆි ක්‍රිකට් පිටියම එකපාරටම රෝස පැහැයට හැරෙයි.. පාකිස්ථාන - එංගලන්ත අද තරගයෙන් ලෝකයටම දුන් ප්‍රබල පණිවිඩය...
Sunday, 25 October 2026 - 14:57 | Views - 34
පාකිස්ථාන ක්‍රිකට් ආයතනය (PCB) විසින් තුන්කොන් තරගාවලියේ පාකිස්ථානය සහ එංගලන්තය අතර අද (25) දින පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරඟය පියයුරු පිළිකා දැනුවත් කිරීමේ දිනයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා.

පිළිකාව මුල් අවධියේදීම හඳුනාගැනීමේ සහ කාලෝචිත ප්‍රතිකාර ලබාගැනීමේ වැදගත්කම සමාජගත කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ජාත්‍යන්තර පියයුරු පිළිකා දැනුවත් කිරීමේ 'Pinktober' වැඩසටහනට සමඟාමීව, ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම රෝස පැහැයෙන් සරසා ආයතනික සමාජ වගකීම් මුලපිරීමක් ලෙස මෙම කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙහිදී පාකිස්ථාන ක්‍රීඩකයින් විශේෂයෙන් නිර්මාණය කරන ලද රෝස පැහැති ජර්සි පැළඳ ක්‍රීඩා කරන අතර, එංගලන්ත ක්‍රීඩකයින්, තරඟ විනිසුරුවන් සහ විස්තර විචාරකයින් රෝස පැහැති රිබන් පැළඳ සිටිනු ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රීඩකයින්ගේ ඇඳුම්වලට පමණක් සීමා නොවී, තරඟය අතරතුර රෝස පැහැයෙන් යුත් කඩුලු (Stumps) භාවිත කිරීමටත්, ක්‍රීඩාංගණයේ දැවැන්ත තිර සහ LED පුවරු මත පියයුරු පිළිකා දැනුවත් කිරීමේ පණිවිඩ ප්‍රදර්ශනය කිරීමටත් නියමිතයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top