කිරි ගරු‍ඬෙන් තැනූ නාන කාමර තිබෙන සුපිරි නිවෙසක් හිමි ළාබාල කෝටිපතිනිය
Sunday, 23 April 2017 - 11:12 | Views - 24,066
" Spider-Man : Homecoming " චිත්‍රපටය මේ වන විට ලොව පුරා තිරගත වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන සුරූපී යොවුන් නිළියක් තමයි, Zendaya කියන්නේ.

තවමත් 20 වැනි වියෙහි පසුවන ඇය වෘත්තීය නිළියක ලෙස ප්‍රවීණත්වයට පත්වෙන්නටත් කලින් සුඛෝපභෝගී නිවෙසක හිමිකාරියක් වෙලා.

වර්ග අඩි 4,155ක වපසරියක විහිදී ඇති මේ දෙමහල් නිවසෙහි නිදන කාමර 5ක් සහ නාන කාමර 5ක් තිබෙන බව සඳහන්. ඇගේ මේ අලුත් නිවසෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක්. පිහිටා ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවරයි.

කුඩා කාලයේදී සුව පහසු ජීවිතයක් ගත නොකළ තමන්, මෙවැනි සුඛෝපභෝගී නිවහනක් පිළිබඳව සිහින මැවූ බවයි, Zendaya පවසා තිබෙන්නේ.

“මම පුංචි කාලෙ ජීවත් වුණේ තට්ටු ගේක නෙමෙයි. ඒ ගෙදර ඒ.සී. තිබුණෙ නැහැ. ස්විමින් පූල් එකක් තිබුණෙත් නැහැ.”
 Zendaya අතීතය සිහිපත් කරමින් එලෙස පවසා තිබෙනවා.

මේ සුපිරි නිවසෙහි කිරි ගරු‍ඬෙන් තැනූ නාන කාමර මෙන් ම සුපිරි නාන තටාක ඇතුළු තවත් අංග රැසක් තිබෙන බවයි පැවසෙන්නේ.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top