කිරි ගරු‍ඬෙන් තැනූ නාන කාමර තිබෙන සුපිරි නිවෙසක් හිමි ළාබාල කෝටිපතිනිය
Sunday, 23 April 2017 - 11:12 | Views - 24,104
" Spider-Man : Homecoming " චිත්‍රපටය මේ වන විට ලොව පුරා තිරගත වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන සුරූපී යොවුන් නිළියක් තමයි, Zendaya කියන්නේ.

තවමත් 20 වැනි වියෙහි පසුවන ඇය වෘත්තීය නිළියක ලෙස ප්‍රවීණත්වයට පත්වෙන්නටත් කලින් සුඛෝපභෝගී නිවෙසක හිමිකාරියක් වෙලා.

වර්ග අඩි 4,155ක වපසරියක විහිදී ඇති මේ දෙමහල් නිවසෙහි නිදන කාමර 5ක් සහ නාන කාමර 5ක් තිබෙන බව සඳහන්. ඇගේ මේ අලුත් නිවසෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක්. පිහිටා ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවරයි.

කුඩා කාලයේදී සුව පහසු ජීවිතයක් ගත නොකළ තමන්, මෙවැනි සුඛෝපභෝගී නිවහනක් පිළිබඳව සිහින මැවූ බවයි, Zendaya පවසා තිබෙන්නේ.

“මම පුංචි කාලෙ ජීවත් වුණේ තට්ටු ගේක නෙමෙයි. ඒ ගෙදර ඒ.සී. තිබුණෙ නැහැ. ස්විමින් පූල් එකක් තිබුණෙත් නැහැ.”
 Zendaya අතීතය සිහිපත් කරමින් එලෙස පවසා තිබෙනවා.

මේ සුපිරි නිවසෙහි කිරි ගරු‍ඬෙන් තැනූ නාන කාමර මෙන් ම සුපිරි නාන තටාක ඇතුළු තවත් අංග රැසක් තිබෙන බවයි පැවසෙන්නේ.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top