කඩුගන්නාවේදී බස් රථයක් මතට දැවැන්ත ගලක් පෙරළෙයි.. මගීන් දෙදෙනෙකුට තුවාල..
Sunday, 18 October 2026 - 8:38 | Views - 41
කඩුගන්නාව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මතට ප්‍රදේශයේ ඉහළ සිට ගලක් පෙරළී යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙන අතර, අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ බස් රථය තුළ මගීන් පිරිසක් ගමන් කරමින් සිට තිබෙනවා.

බස් රථයේ සිරවී තුවාල ලැබූ මගීන් දෙදෙනා වහාම ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ විසින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

අනතුර හේතුවෙන් එම ප්‍රදේශයේ මඟී ප්‍රවාහන කටයුතුවලට සහ රථවාහන ගමනාගමනයට ද යම් බාධා මතුවූ නමුත්, මේ වන විට අදාළ තත්ත්වය පාලනය කරමින් මාර්ගයේ වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් පවතී.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top