විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට.. ජාතික පද්ධති ක්රියාකරු (NSO) දුන් සුබ ආරංචිය..
ඇතැම් බලාගාර බිඳවැටී ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්යතාවක් නොමැති බව ජාතික පද්ධති ක්රියාකරු (NSO - National System Operator) නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ මෙවැනි පද්ධති බිඳවැටීමකදී අනුගමනය කරනු ලබන නිසි ක්රමවේදයට අනුව ගල් අඟුරු බලාගාරය පමණක් ආරක්ෂිතව ක්රියා විරහිත කර ඇති බවයි.
අද මධ්යහ්නයේ සිට විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කෙරුණු අතර, මේ වන විටත් ඇතැම් ප්රදේශවලට විදුලිය යළි ලබා දී තිබෙන බවත් සඳහන්.
සවස 6:30 පමණ වන විට සමස්ත විදුලි පද්ධතියම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්රියාකරු (NSO) වැඩිදුරටත් සඳහන් කරනවා.