රටම අඳුරට ගිය විදුලි බිඳවැටීමේ බරපතළම ප්රතිඵලය.. නොරොච්චෝලේ බලාගාරයේ ජනන ඒකක තුනම අක්රිය වෙයි
දිවයින පුරා හදිසියේ ඇති වූ බරපතළ විදුලි බිඳවැටීමේ තත්ත්වයත් සමඟ, ලක්විජය ගල්අඟුරු බලාගාරයේ (නොරොච්චෝලේ බලාගාරය) විදුලි ජනන ඒකක තුනම මේ වන විට සම්පූර්ණයෙන්ම අක්රිය වී ඇති බව වාර්තා වේ.
රට පුරා හටගත් හදිසි විදුලි අර්බුදය හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම තත්ත්වය උද්ගත වී ඇති බව බලාගාරයේ කළමනාකාරීත්වය තහවුරු කළා.
ජාතික විදුලිබල පද්ධතිය මුළුමනින්ම අඩපණ වීමත් සමඟ මෙලෙස ප්රධාන බලාගාරයේ ජනන යන්ත්ර ක්රියා විරහිත වීම හේතුවෙන් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්රියාවලිය තවත් සංකීර්ණ වනු ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, පද්ධතිය නැවත ක්රියාත්මක කිරීමට අවශ්ය තාක්ෂණික කටයුතු මේ වන විටත් කඩිනමින් සිදු කරමින් පවතී.