දිවයින පුරා විදුලිය බිඳවැටිලා, වහල මත සවිකර ඇති සූර්ය පැනල විසන්ධි කරන්න.. ජාතික පද්ධති ක්රියාකරු සමාගමෙන් ඉල්ලීමක්..
Saturday, 17 October 2026 - 15:25 | Views - 34
දිවයින පුරා විදුලිය බිඳවැටීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු වහල මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති විසන්ධි කර, විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහයෝගය ලබාදෙන ලෙස ද ජාතික පද්ධති ක්රියාකරු සමාගම මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අද (17) උදෑසන ඇති වූ තත්ත්වයක් හේතුවෙන් මුළු දිවයිනටම බලපාන පරිදි විදුලි සැපයුම බිඳවැටී තිබෙනවා.
විදුලි පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම සඳහන් කළා.
Share This Article