ADHD සහ ඔටිසම් රෝග අධික ලෙස හඳුනාගැනීමේ අවදානමක්.. එංගලන්තයේ සමාලෝචනයකින් හෙළි වෙයි
Saturday, 10 October 2026 - 17:27 | Views - 33
එංගලන්තයේ ළමුන් සහ තරුණයන් අතර ADHD සහ ඔටිසම් තත්ත්වයන් අධික ලෙස හඳුනාගැනීමේ අවදානමක් පවතින බව එරට රජයේ නිල සමාලෝචනයකින් අනාවරණ වී තිබෙනවා.

පසුගිය වසර 25ක කාලය තුළ මෙම තත්ත්වයන් හඳුනාගැනීමේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, ඇතැම් තරුණ වයස් කාණ්ඩවල වාර්තා වන රෝග විනිශ්චය සංඛ්‍යාව ජනගහනය තුළ අපේක්ෂා කරන ප්‍රමාණය ඉක්මවා යන බව විශේෂඥයන් පෙන්වා දී ඇති බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.

ජාතික සෞඛ්‍ය සේවය (NHS) වෙනුවෙන් රෝග විනිශ්චය සිදුකරන පෞද්ගලික ආයතන සම්බන්ධයෙන් දැඩි නියාමනයක් ක්‍රියාත්මක කළ යුතු බවත්, එම සේවාවන්හි ගුණාත්මකභාවය සහ අනුකූලතාව පිළිබඳ ගැටලු පවතින බැවින් ඒවා ප්‍රචාරය කිරීම තහනම් කළ යුතු බවත්, සමාලෝචනය මෙහිදී නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම, ආර්ථික අවිනිශ්චිතතාව සහ සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් තරුණයන් අතර මානසික සෞඛ්‍ය ගැටලු ඉහළ යමින් පවතින බව ද විශේෂඥයන් පෙන්වා දී ඇති අතර, සියලුම මානසික සෞඛ්‍ය තත්ත්වයන් සඳහා වඩාත් හොඳ සහායක් ලබාදීමේ අවශ්‍යතාව ද අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ප්‍රමුඛ පෙළේ වෛද්‍ය විශේෂඥයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම සමාලෝචනය, මීට මාස 10කට පෙර එවකට සෞඛ්‍ය ලේකම්වරයා වූ වෙස් ස්ට්‍රීටින්ගේ ඉල්ලීම මත ආරම්භ කර තිබූ බව සඳහන්.

ඔහු සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ, තරුණයන් අතර ඇතැම් මානසික සෞඛ්‍ය තත්ත්වයන් අධික ලෙස හඳුනාගෙන ඔවුන් ඒවාට සීමා වූ පුද්ගලයන් ලෙස සැලකීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

සියලුම වයස් කාණ්ඩ පිළිබඳව අවධානය යොමු කළ මෙම සමාලෝචනයේදී, වැඩිම රෝග විනිශ්චය අනුපාත වාර්තා වන ළමුන් සහ තරුණයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

මානසික සෞඛ්‍ය ගැටලු මෙන්ම ADHD සහ ඔටිසම් තත්ත්වයන් හඳුනාගැනීමේදී පුද්ගලයන්ගේ දුර්වලතා පමණක් ඉස්මතු කරමින් ඔවුන්ගේ හැකියාවන් සහ අනාගත විභවයන් නොසලකා හැරීමේ අවදානමක් පවතින බව ද විශේෂඥයන් පෙන්වා දෙනවා.

එවැනි කාණ්ඩ කිරීමක් හේතුවෙන් පාසල් අධ්‍යාපනය, රැකියා අවස්ථා සහ පෞද්ගලික සබඳතා කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.

වයස අවුරුදු 17ට පෙර ඔටිසම් හෝ ADHD තත්ත්වයන් හඳුනාගත් ළමුන්, වයස අවුරුදු 16ත් 24ත් අතර කාලයේදී අධ්‍යාපනය, රැකියාව හෝ වෘත්තීය පුහුණුවකට සම්බන්ධ නොවී සිටීමට ඇති ඉඩකඩ අනෙක් අයට සාපේක්ෂව සිව් ගුණයකින් පමණ ඉහළ බව ද සමාලෝචනයේ සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, රෝග විනිශ්චයෙන් පසුව නිසි සහාය ලබාදීම තුළින් එවැනි පුද්ගලයන්ට වඩාත් සාර්ථක සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට උපකාර කළ හැකි බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ උපදේශන සේවාවන්ට අමතරව, මානසික සෞඛ්‍ය සහාය ද ලබාදිය යුතු බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.

මන්ද, මෙවැනි පුද්ගලයන්ගෙන් සැලකිය යුතු පිරිසක් විෂාදය ඇතුළු වෙනත් මානසික සෞඛ්‍ය ගැටලුවලට ද මුහුණ දෙන බැවින්.

එමෙන්ම, මානසික සෞඛ්‍ය ගැටලු මෙන්ම ADHD සහ ඔටිසම් තත්ත්වයන් හඳුනාගැනීම සඳහා දිගු කාලයක් බලා සිටීමට සිදුවීම ද පුද්ගලයන්ට අහිතකර බලපෑම් ඇති කරන බව සමාලෝචනයෙන් අනාවරණ වී තිබෙනවා.

මෙම නිර්දේශ, එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ ප්‍රතිපත්ති, ප්‍රතිලාභ සහ අධ්‍යාපනයට හෝ රැකියාවට සම්බන්ධ නොවන තරුණයන්ට ලබාදෙන සහාය ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරි රජයේ තීරණ සඳහා බලපෑම් කළ හැකි බව අපේක්ෂා කෙරෙනවා.

මූලාශ්‍රය : BBC
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top