කොළඹ තැනින් තැන මොණරුන් වඳුරන් මුවන් - විලෝපිකයන් බව වනජීවීන් කියයි
Saturday, 10 October 2026 - 17:23 | Views - 32
කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට මොණරන්, වඳුරන් සහ මුවන් වැනි වනජීවීන්ගේ පැමිණීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර සිටිනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී හසිනි සරත්චන්ද්‍ර උපුටා දක්වමින් අදාළ පුවත්පත සඳහන් කරන්නේ, ස්වභාවික වාසස්ථාන අහිමිවීම, ස්වභාවික ආහාර දාමයන්හි බිඳ වැටීම සහ විලෝපිකයන්ගේ කරගන්නා ගහනය අඩුවීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති බවයි.

විශේෂයෙන්ම පහතරට තෙත් කලාපයේ සිදුවන කර්මාන්තකරණය, සංවර්ධන කටයුතු සහ පුළුල් වන මානව ජනාවාස හේතුවෙන් සතුන්ගේ ස්වභාවික වාසස්ථාන අහිමි වී ඇති අතර, ඒ නිසා සතුන් නාගරික ප්‍රදේශ වෙත ඇදී ඒම හරහා මිනිස්-වනජීවී ගැටුම් ඉහළ යෑමේ අවදානමක් ද මතුව තිබෙනවා.

මොනරුන්ගේ බිත්තර ආහාරයට ගන්නා නරියන් වැනි විලෝපිකයන්ගේ ගහනය අඩුවීම නිසා මොනරුන්ගේ ගහනය පාලනයකින් තොරව වර්ධනය වී ඇති බවත්, කෑගල්ල සහ කළුතර වැනි දිස්ත්‍රික්කවල ද වඳුරන් ජනාවාස වෙත පැමිණීම ඉහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ සඳහන්. එසේම, හෝමාගම වැනි ප්‍රදේශවල මුවන් වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ මීට පෙර නිවෙසක ඇතිකිරීමට ගෙන ආ මුවන් කිහිපදෙනෙකුගේ ගහනය වර්ධනය වීමෙන් බවයි පෙන්වා දී ඇත්තේ.

මෙම තත්ත්වය හමුවේ සතුන් ආක්‍රමණශීලී ලෙස හැසිරීම හෝ සපාකෑමේ අවදානමක් ඇති අවස්ථාවලදී, කොළඹ, ගම්පහ, මුතුරාජවෙල සහ අත්තිඩිය යන ප්‍රාදේශීය වනජීවී කාර්යාල හරහා කඩිනම් පියවර ගන්නා බව වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, මිනිසුන්ට උපද්‍රව කරන සතුන් අල්ලා සුදුසු වාසස්ථාන වෙත මුදා හැරීමටත්, තුවාල ලැබූ සතුන් අත්තිඩිය වනජීවී රෝහලෙන් ප්‍රතිකාර කිරීමෙන් පසු වියළි කලාපයේ ජාතික වනෝද්‍යාන වෙත මුදා හැරීමටත් කටයුතු කරන බවයි අදාළ පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top