එළවළු පළතුරුවල ප්‍රමිතිය දැනගන්න විශේෂ වැඩපිළිවෙලක්.. පාරිභෝගික අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්..
වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති එළවළු සහ පළතුරුවල ප්‍රමිතිය සොයා බැලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
සෞඛ්‍ය ,වෙළෙඳ,කෘෂිකර්ම යන අමාත්‍යාංශ මෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුලු රාජ්‍ය ආයතන 10කට වැඩි සංඛ්‍යාවක් මෙම වැඩසටහනට එක්ව සිටින බවයි එම අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න සඳහන් කළේ.
පළතුරු හා එළවළු නිෂ්පාදන පාරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතින බව සහතික කර ගැනීමට මේ වන විට දත්ත පද්ධතියක් නිර්මාණය කරමින් සිටින බවද ඇය ප්‍රකාශ කළා.
මේ අතර පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය, එළවළු හා පළතුරු වගාකරුවන් මෙන්ම වෙලෙදුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර තිබෙනවා.
මිනිස් සිරුරට අහිතකර විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිතා කර එළවළු හා පළතුරු කල්තබා ගන්නා වෙළදුන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුකරන බවයි එම අධිකාරිය කියා සිටියේ.