වස්කඩුවෙන් ඇසුණු අවාසනාවන්ත පුවත.. රිය අනතුරකින් කැලණි සරසවි සිසුවෙකුගේ දිවි අහිමි වෙයි..
වස්කඩුව ප්‍රදේශයේදී අද (08) උදෑසන සිදුවූ බිහිසුණු රිය අනතුරකින් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙක්.
මෙම සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග ගාල්ල ප්‍රදේශයට යතුරුපැදිවලින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියෙන් වැටී ඉදිරියෙන් පැමිණි පාසල් වෑන් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුරට මුහුණ දුන් සිසුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම අවස්ථාවේදී ගාලු පාරේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පසුව පොලිසිය මැදිහත් වීමෙන් එය යථා තත්ත්වයට පත්කළ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.