සම්භාව්‍ය සාහිත්‍යයෙන් නූතන ලෝකය සෙලවූ කිවිඳිය.. 2026 නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ හිමිකාරිනිය මෙන්න..
2026 වසරේ සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය කැනේඩියානු ජාතික කිවිඳියක, රචිකාවක සහ සම්භාව්‍ය අධ්‍යයන පිළිබඳ ප්‍රවීණයකු (Classicist) වන ඈන් කාර්සන් වෙත පිරිනැමීමට ස්වීඩන් ඇකඩමිය තීරණය කර තිබෙනවා.
සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදාය සමඟ මනරම් සංවාදයක යෙදෙමින්, නූතන සාහිත්‍යයට නව ආකෘතීන් නිර්මාණය කළ ඇගේ නිර්මාණශීලී, නිර්භීත සහ අලුත් මඟක් ගත් පද්‍ය හා ප්‍රබන්ධ එකතුව උදෙසා ඇයට මෙම ගෞරවනීය සම්මානය හිමි වුණා.
76 හැවිරිදි ඇන් කාර්සන්, සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ 19 වැනි කාන්තාව වන අතර, ඇගේ 'Autobiography of Red' ඇතුළු කෘතීන් ජාත්‍යන්තර වශයෙන් මහත් ඇගයීමට ලක්ව තිබෙනවා.