දිස්ත්‍රික්ක 08කට ප්‍රබල අකුණු සමග තද වැසි.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අවවාදාත්මක නිවේදනයක්..
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපාන පරිදි ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු, උතුරුමැද සහ දකුණු යන පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි පෙන්වා දෙන්නේ.
මේ අතර අද (08) පෙරවරු 8.30න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 116ක වර්ෂාපතනයක් ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.