වස්කඩුවෙන් ඇසුණු අවාසනාවන්ත පුවත.. රිය අනතුරකින් කැලණි සරසවි සිසුවෙකුගේ දිවි අහිමි වෙයි..
Thursday, 08 October 2026 - 14:53 | Views - 44
වස්කඩුව ප්‍රදේශයේදී අද (08) උදෑසන සිදුවූ බිහිසුණු රිය අනතුරකින් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙක්.

මෙම සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග ගාල්ල ප්‍රදේශයට යතුරුපැදිවලින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියෙන් වැටී ඉදිරියෙන් පැමිණි පාසල් වෑන් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරට මුහුණ දුන් සිසුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම අවස්ථාවේදී ගාලු පාරේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

පසුව පොලිසිය මැදිහත් වීමෙන් එය යථා තත්ත්වයට පත්කළ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top