ආදිවාසීන්ගේ පැරණි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව නීති හඳුන්වා දීම
Tuesday, 06 October 2026 - 16:31 | Views - 37
නම් කරන ලද ප්‍රදේශ තුළ ආදිවාසී ප්‍රජාවන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීමේ නියෝග හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික ජීවනෝපාය සහ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇති අතර පවතින නීති කෙරෙහි වඩාත් සංවේදී වෙමින්, ඔවුන්ගේ ජීවනෝපාය කටයුතුවල නිරත වීම සුරක්ෂිත වන පරිදි විධිමත් නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, 469 වන අධිකාරය වූ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ විශේෂ නියෝග මාලාවක් සකස් කර ඇති අතර මෙමඟින්, නීතියෙන්, චාරිත්‍රයෙන්, ව්‍යවහාරයෙන් හෝ සාම්ප්‍රදායික පරිශීලනය අනුව අයිතිවාසිකම් අත්කරගෙන ඇති ලියාපදිංචි ආදිවාසී සාමාජිකයන්ට, නම් කරන ලද ප්‍රදේශ තුළ අදාළ ක්‍රියාකාරකම් සඳහා අවසර ලබාදීමට කටයුතු කෙරෙනු ඇති.
පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, අදාළ නියෝග රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් නියමිතයි.
Share This Article