හෙට මුළු රටේම සුරාසැල් වැසෙයි.. මතට තිත තියෙන දවසේ නොදන්නා කතාව..
Friday, 02 October 2026 - 13:25 | Views - 35
ලෝක අමද්‍යප දිනය හෙටට (03) යෙදී තිබීම හේතුවෙන් මෙරට සියලුම සුරාසැල් හෙට දිනය පුරා වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, මත්පැන් භාවිතයෙන් තොර මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමේ වැදගත්කම සමාජයට පැහැදිලි කරදීමේ අරමුණින් වාර්ෂිකව ඔක්තෝම්බර් මස 03 වන දින ලෝක අමද්‍යප දිනය සමරනු ලබනවා.

ලොව පුරා වසරකට පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් මධ්‍යසාර භාවිතය සහ ඊට අදාළ බලපෑම් හේතුවෙන් මියයන බවයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දුන්නා.

ඒ අනුව හෙට දිනයේ දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් හල් වසා තැබීමට කටයුතු යොදා ඇති අතර, නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන පුද්ගලයන් සොයා වැටලීම් ක්‍රියාත්මක කරන බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top