මාරක එන්නත් 2ක් විදලත් දිවි බේරාගත් තරුණිය.. අමෙරිකාවම කැළඹූ අසාමාන්‍ය සිදුවීම මෙන්න..
Friday, 02 October 2026 - 12:17 | Views - 21
අමෙරිකා එක්සත් ජනපදයේ ටෙනෙසි ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වී සිටි ක්‍රිස්ටා පයික් නම් කාන්තාවට අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදුන් මාරක ඖෂධ මාත්‍රා දෙකකින් පසුවත් ඇය ජීවත්ව සිටීම හේතුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අසාර්ථක වී තිබෙනවා.

වයස අවුරුදු 18දී මරණ දඬුවමට නියම වූ ක්‍රිස්ටා පයික්, ටෙනෙසි ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වූ ලාබාලම කාන්තාවන් අතුරින් අයෙක් ලෙස සැලකෙනවා.

1995 ජනවාරි මාසයේදී ඇය සහ ඇයගේ එවකට පෙම්වතා විසින් 19 හැවිරිදි කොලීන් ස්ලේමර් නම් තරුණිය ඝාතනය කර ඇති අතර, එම සිදුවීමට අදාළව 1996 වසරේදී ක්‍රිස්ටා පයික් වරදකරු කරමින් අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබුණා.

ඇයගේ පෙම්වතාගේ වයස එම අවස්ථාවේදී අවුරුදු 17ක් වීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුණා.

ක්‍රිස්ටා පයික්ගේ නීතිඥයින් විසින් විවිධ අභියාචනා ඉදිරිපත් කර තිබුණද, ඊයේ දිනයේදී ඇයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඇයට 'පෙන්ටොබාර්බිටල්' නමැති මාරක ඖෂධ මාත්‍රා දෙකක් ලබාදීමට කටයුතු කළද, ඇය සිහිසුන් නොවී ජීවත්ව සිටීම හේතුවෙන් දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙනවා.

මෙම අසාමාන්‍ය තත්ත්වය හමුවේ ක්‍රිස්ටා පයික් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර, ටෙනෙසි ප්‍රාන්තයේ කාන්තාවකට මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර ඇත්තේ වසර 200කට පසුව වන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ටෙනෙසි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නියෝග කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top