"ළමා දිනයෙයි වැඩිහිටි දිනයෙයි තෙල් මිල වැඩි කරලා දුන්නු තෑග්ග" විපක්ෂ නායක සජිත්ගෙන් රජයට දැඩි ප්‍රහාරයක්..
Thursday, 01 October 2026 - 19:01 | Views - 22
ලෝක ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය යෙදී ඇති මොහොතක රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම හරහා සමස්ත ජනතාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ළමුන් සහ වැඩිහිටියන් ඇතුළු සමස්ත ජනතාවට සුරක්ෂිත මෙන්ම සෞභාග්‍ය සම්පන්න ජීවිතයක් උදාකර දිය යුතු මෙවන් අවස්ථාවක මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීම අනුමත කළ නොහැකි බව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

වත්මන් රජය බලයට පත්වීමට පෙර වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබාදෙන බවටත්, ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන බවටත් පොරොන්දු වූ බව මතක් කරදුන් විපක්ෂ නායකවරයා, ඉන්ධන ක්ෂේත්‍රයේ සිදුවන බව කියන දූෂණ, වංචා සහ කොමිස් මුදල් නතර කර ජනතාවට සහන සලසන බවට දුන් පොරොන්දු ද මේ වන විට අමතක කර ඇති බව පෙන්වා දුන්නා.

මීට පෙර රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බවට ප්‍රකාශ කළද, මෙලෙස හදිසියේ ඉන්ධන මිල ඉහළ දැමීම හරහා එම සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් ද විශාල ගැටලුවක් මතුවන බව ඔහු සඳහන් කළා.

එසේම මහා භාණ්ඩාගාරයේ මුදල් ඉතිරි කර ඇත්නම්, දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දී සිටින මහජනතාවට සහන ලබාදීමට එම මුදල් යොදා නොගන්නේ මන්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියා.

කෙසේ වෙතත්, ජනතාවට සහන ලබාදෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරදීම වෙනුවෙන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අභියෝග කිරීමට තමන් කිසිසේත් පසුබට නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top