අනාගතය සහ අතීතය එකට සමරන දිනය.. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි..
Thursday, 01 October 2026 - 11:28 | Views - 44
අදට (ඔක්තෝබර් 01) යෙදී ඇති ලෝක ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

"මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන තේමාව පෙරටු කරගනිමින් මෙවර ලෝක ළමා දිනය සමරනු ලබනවා.

එමන්ම ජාත්‍යන්තර වැඩිහිටි දිනය "දීර්ඝායුෂ යුගය, දිගු ජීවිත සඳහා පද්ධති පිළිබඳව නැවත සිතා බැලීම" යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවකට අනුව ලෝක ළමා දිනය සැමරීම ආරම්භ වී ඇත්තේ 1954 වසරේදීයි. ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු සියලු දෙනා ළමුන් ලෙස අර්ථ දැක්වෙනවා.

අපේ අනාගතය භාරගන්න සිටින දූ දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙනුත්, අපට මග පෙන්වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙනුත් කැපවීමට මෙම විශේෂ දිනය අපට මතක් කර දෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top