“ළමයා සහ වැඩිහිටියා සුරකින්න නව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුයි” විපක්ෂ නායකවරයාගේ ළමා දින සුබ පැතුම් පණිවිඩය..
ළමයා වෙනුවෙන් සුදුසු අනාගතය ගොඩනගන්නට නම් අනාගත අභියෝග ජයගත හැකි අධ්‍යාපනයක් නිර්මාණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.
අදට (01) යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් විපක්ෂ නායකවරයා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එම සුබ පැතුම් පණිවිඩයේ මෙසේ සඳහන්,
''අධ්‍යාපනය යනු වෘත්තිමය කුසලතාවක් මෙන් ම යහපත් පුරවැසියකු නිර්මාණය කිරීමේ අභිලාෂය මුදුන් පමුණුවන වැඩපිළිවෙළකි. ළමයා වෙනුවෙන් සුදුසු අනාගතය ගොඩනගන්නට නම් අනාගත අභියෝග ජයගත හැකි අධ්‍යාපනයක් නිර්මාණය කළ යුතු ය. වෙනස්වන සමාජය තුළ ගොඩනැගෙන ආකල්ප තුළින් ළමයා මෙන් ම වැඩිහිටියා සුරක්ෂිත කිරීම සඳහා නව මානයකින් යුතුව රාජ්‍ය ප්‍රතිපත්ති, සම්පාදනය විය යුතුයි.''