ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්.. ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකා පිල ඉවතට..
ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ පැවැති දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ලකුණු 124 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 169 ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඉෂාන් කිෂාන් පන්දු 46 කදී නොදැවී ලකුණු 80 ක් ලබා ගත් අතර, වෛභව් සූර්යවංශි ලකුණු 38 ක් රැස් කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරිඳු රත්නායක සහ සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ අතර, ඉන්දීය පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 9.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 45 ක් පමණයි.
ඒ අනුව මෙම දැවැන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදු වුණා.