ලංකාවේ 80ට වැඩි වැඩිහිටියන් වේගයෙන් ඉහළට.. විශේෂඥයන්ගෙන් රටටම අනතුරු ඇඟවීමක්..
Thursday, 01 October 2026 - 16:44 | Views - 27
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 80ට වැඩි වැඩිහිටි ජනගහනය වසරෙන් වසර වේගයෙන් වැඩි වෙමින් පවතින බව ප්‍රජා විශේෂඥ ශිරෝමි මාදවගේ මහත්මිය ප්‍රකාශ කළා.
ඊයේ (30) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියා.
මෙලෙස වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමඟම ඔවුන් අතර බෝ නොවන රෝග වාර්තා වීම ද ඉහළ යමින් පවතින බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජා විශේෂඥ ශිරෝමි මාදවගේ පෙන්වා දුන්නා.
එබැවින් වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන්ගේ සුබසාධනය පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කෙරුණා.
Share This Article