"ඔහු සැබෑ වීරයෙක්" ඊශ්‍රායල සහ ඉන්දීය අගමැතිවරුන්ගෙන් ප්‍රධාන නියමුවාට විශේෂ ඇගයීමක්..
Thursday, 01 October 2026 - 15:17 | Views - 31
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඊශ්‍රායලය දක්වා පියාසර කරමින් තිබූ flydubai (FZ1073) ගුවන් යානයේ සිදු වීමට ගිය මහා විනාශයක් වළක්වමින්, මගීන් 174 දෙනෙකුගේ ජීවිත බේරාගත් ඉන්දීය ජාතික ප්‍රධාන ගුවන් නියමුවා වන ස්මිට් මච්ඡාර් වීරයෙකු ලෙස ඊශ්‍රායල සහ ඉන්දීය නායකයන් විසින් අගය කර තිබෙනවා.

ඊයේ (30) සිදුවූ මෙම ආන්දෝලනාත්මක සිදුවීමේදී, ගුවන් යානයේ සහායක නියමුවා විසින් ප්‍රධාන නියමුවාට පිහියෙන් ඇන යානය කඩාබිඳ දැමීමට උත්සාහ කර ඇති බව වාර්තා වුණා.

එම බියජනක අවස්ථාවේදී ගුවන් යානය තත්පර 30 කටත් අඩු කාලයකදී අඩි 14,000 ක් (මීටර් 4,267 ක්) පහතට කඩා වැටෙමින් පැවැතුණා.

කෙසේ වෙතත්, බරපතල ලෙස පිහි ප්‍රහාරයන්ට ලක්ව රුධිරයෙන් තෙත්ව සිටියදී පවා නොසැලෙන ධෛර්යයක් පෙන්වූ ස්මිට් මච්ඡාර්, නියමු කුටියේ දොර අගුල හැරීමට සමත් වී තිබෙනවා.

මෙම වීරෝදාර ක්‍රියාව ඇගයීමට ලක් කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සටහනක් තබමින් සඳහන් කළේ, "ඔහු ඊශ්‍රායල සහ අනෙකුත් රටවල වැසියන් ඇතුළු 174 දෙනෙකුගේ ජීවිත බේරාගත්තා," යනුවෙනි.

එසේම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ස්මිට් මච්ඡාර්ගේ ධෛර්යය අගය කරමින් ඔහුව "සැබෑ වීරයෙකු" ලෙස හඳුන්වා දුන්නා.

මුම්බායි නගරයේ පදිංචිකරුවෙකු වන ස්මිට් මච්ඡාර්, flydubai සමාගම හා සම්බන්ධ වීමට පෙර ඉන්දියාවේ SpiceJet ගුවන් සමාගමේ වසර 11 කට වැඩි කාලයක් සේවය කර ඇති පළපුරුදු නියමුවෙක්.

පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු මේ වන විට තබූක් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නියමුවන් දෙදෙනා අතර මෙවැනි ගැටුමක් ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත්, පදනම් විරහිත මත පළකිරීමෙන් වළකින ලෙසත් flydubai සමාගම ඉල්ලා සිටිනවා.

මේ අතර විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඊශ්‍රායලය වෙත යන සහ එන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top