ජපන් අහස යට රුමේෂ් තරංගගෙන් අතිවිශිෂ්ට රන් ජයක්.. මීටර් 88.55ක විස්මිත දුරක් වාර්තා කරමින් ආසියාවම හොල්ලයි..
සමස්ත ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ගේ නොඉවසිලිමත් මඟබැලීමට අතිවිශිෂ්ට පිළිතුරක් දෙමින්, ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට අතිදැවැන්ත රන් පදක්කමක් හිමිකර දීමට අපේ රටේ අභිමානය වන රුමේෂ් තරංග අද (28) සමත් වුණා.
මෙරට වේලාවෙන් අද පස්වරු 4.45ට ජපන් මහ පොළොව මත ආරම්භ වූ මෙම තීරණාත්මක තරගයේදී ආසියාවේ ප්‍රබලතම මලල ක්‍රීඩකයින් රැසක් පරදා මීටර් 88.55ක අතිප්‍රබල දුරක් වාර්තා කිරීමට රුමේෂ් සමත් වුණා.
ඔහුගේ මෙම විස්මිත දක්ෂතාවය හමුවේ සසුන් අන් සියලුම ක්‍රීඩකයින් අන්දමන්ද වූ අතර, තරගයේ පළමු ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා ජාතික ගීය ජපන් අහස යට උසස් ලෙස නංවන්නට රුමේෂ්ට හැකි වුණා.
මෙහිදී දෙවන ස්ථානය හිමිකර ගත්තේ මීටර් 85.72ක දක්ෂතාවයක් දැක්වූ ඉන්දියාවේ සිං යෂ්වීර් (Singh Yashvir) විසින්.
තමන්ගේ ආදරණීය දෙමාපියන්ගේද ආශීර්වාදය මැද තරග බිමට පිවිසි රුමේෂ් තරංගගේ මේ ඓතිහාසික ජයග්‍රහණයත් සමඟම සමස්ත ශ්‍රී ලංකාව පුරාම දැවැන්ත ප්‍රීති ඝෝෂාවක් සහ ආඩම්බරයක් නිර්මාණය වී තිබෙනවා.