ලංකාවේ සිනමා චිත්‍රපට දෙකකට ඔස්කාර් යන්න තිබුණු රන් අවස්ථාව අහිමි වෙයි.. කමිටුවෙන් එළියට දාපු පුදුම හිතෙන හේතුව මෙන්න.
Monday, 28 September 2026 - 17:56 | Views - 52
ලෝකයේ දැවැන්තම සහ විශිෂ්ටතම සිනමා උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscar) සම්මාන උළෙල සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයට අතිශය තීරණාත්මක සහ සුවිශේෂී ආරංචියක් වාර්තා වනවා.

ඒ, ඉතිහාසයේ පළමු වතාවට ඔස්කාර් උළෙලක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිල වශයෙන් චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට අපේ රටට අවස්ථාව හිමිවීමත් සමඟයි.

එළඹෙන 99 වැනි ඔස්කාර් සිනමා උළෙල නියෝජනය කිරීම සඳහා ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටර්න්’ (Riverston) චිත්‍රපටය අද (28) නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා.

මෙවර ඔස්කාර් නියෝජනය සඳහා ‘විහඟ ප්‍රේමය’, ‘ආයු’, ‘ෆාදර්’, ‘ඇන්තනි’, ‘රිවස්ටර්න්’ සහ ‘ක්‍රිකට් සාදු’ යන දැවැන්ත චිත්‍රපට 6ක් අයදුම් කර තිබූ අතර, ඉන් චිත්‍රපට 4ක් පමණක් සලකා බලා ‘ආයු’ සහ ‘විහඟ ප්‍රේමය’ යන චිත්‍රපට දෙකම ඔස්කාර් කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබීම විශාල කතාබහක් නිර්මාණය කර තිබෙනවා.

මෙම චිත්‍රපට දෙක එකපාරටම කැපී යාමට හේතුව පිළිබඳව අදහස් දක්වමින් ඔස්කාර් කමිටු ලේකම් උදිත ලක්මාල් කහඳවආරච්චි මහතා සඳහන් කළේ, තමන්ගේ රටේ සිනමාහල්වල වාණිජමය ලෙස ප්‍රදර්ශනය කිරීමට ප්‍රථම වෙනත් කිසිදු රූපවාහිනී නාලිකාවක, අන්තර්ජාලයේ, ස්ට්‍රීමිං ප්ලැට්ෆෝම් එකක හෝ ගුවන් යානයක් ඇතුළේවත් අදාළ චිත්‍රපටය ප්‍රදර්ශනය කර නොතිබිය යුතු බවට වන ඔස්කාර් තදබල නීතිය උල්ලංඝනය වීම මෙයට හේතුව බවයි.

ඒ අනුව, චත්‍ර වීරමන්ගේ ‘ආයු’ චිත්‍රපටය 2025 දී ලංකාවේ තිරගත වීමට පෙර දකුණු අප්‍රිකානු ටීවී නාලිකාවක සහ ගුවන් සේවාවල ප්‍රදර්ශනය කර තිබීමත්, සංජීව පුෂ්පකුමාරගේ ‘විහඟ ප්‍රේමය’ චිත්‍රපටය 2026 දී ලංකාවේ තිරගත වීමට පෙර ඇමරිකානු නාලිකාවක් හරහා යුරෝපයට මුදාහැර තිබීමත් නිසා ඒවාට මෙම හිමිකම අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත්, නිල වශයෙන් තේරී පත්වුණු ‘රිවස්ටර්න්’ චිත්‍රපටයට ඔස්කාර් වේදිකාවේදී ලංකාවට කීර්තියක් ගෙන ඒමට ලැබෙන්නැයි සමස්ත සිනමා ලෝලීන් සුබ පැතුම් එක්කර සිටිනවා
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top