ජපන් අහස යට රුමේෂ් තරංගගෙන් අතිවිශිෂ්ට රන් ජයක්.. මීටර් 88.55ක විස්මිත දුරක් වාර්තා කරමින් ආසියාවම හොල්ලයි..
Monday, 28 September 2026 - 18:36 | Views - 29
සමස්ත ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ගේ නොඉවසිලිමත් මඟබැලීමට අතිවිශිෂ්ට පිළිතුරක් දෙමින්, ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට අතිදැවැන්ත රන් පදක්කමක් හිමිකර දීමට අපේ රටේ අභිමානය වන රුමේෂ් තරංග අද (28) සමත් වුණා.

මෙරට වේලාවෙන් අද පස්වරු 4.45ට ජපන් මහ පොළොව මත ආරම්භ වූ මෙම තීරණාත්මක තරගයේදී ආසියාවේ ප්‍රබලතම මලල ක්‍රීඩකයින් රැසක් පරදා මීටර් 88.55ක අතිප්‍රබල දුරක් වාර්තා කිරීමට රුමේෂ් සමත් වුණා.

ඔහුගේ මෙම විස්මිත දක්ෂතාවය හමුවේ සසුන් අන් සියලුම ක්‍රීඩකයින් අන්දමන්ද වූ අතර, තරගයේ පළමු ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා ජාතික ගීය ජපන් අහස යට උසස් ලෙස නංවන්නට රුමේෂ්ට හැකි වුණා.

මෙහිදී දෙවන ස්ථානය හිමිකර ගත්තේ මීටර් 85.72ක දක්ෂතාවයක් දැක්වූ ඉන්දියාවේ සිං යෂ්වීර් (Singh Yashvir) විසින්.

තමන්ගේ ආදරණීය දෙමාපියන්ගේද ආශීර්වාදය මැද තරග බිමට පිවිසි රුමේෂ් තරංගගේ මේ ඓතිහාසික ජයග්‍රහණයත් සමඟම සමස්ත ශ්‍රී ලංකාව පුරාම දැවැන්ත ප්‍රීති ඝෝෂාවක් සහ ආඩම්බරයක් නිර්මාණය වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top