තත්පර 11.06කින් මීටර් 100 නිම කළ චීන ධාවන ශූරිය.. 2002 දී සුසන්තිකා තැබූ ඓතිහාසික වාර්තාව ඉතිහාසයට එක්වෙයි..
ශ්‍රී ලංකාවේ ප්‍රකට කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ විසින් ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 ධාවන ඉසව්වෙන් පිහිටුවා තිබූ ඓතිහාසික තරග වාර්තාව බිඳ දැමීමට චීන ක්‍රීඩිකා චෙන් යූජී (Chen Yujie) අද (25) සමත් වී තිබෙනවා.
ඒ මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.06ක වැනි කෙටි කාලයකින් අවසන් කරමින්.
මීට පෙර 2002 වසරේ කොරියාවේ බූසාන් හි පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ විසින් තත්පර 11.15කින් මීටර් 100 ඉසව්ව ජයගනිමින් මෙම ආසියානු ක්‍රීඩා තරග වාර්තාව තබා තිබුණා.
ඒ අනුව වසර 24ක දීර්ඝ කාලයක් තිස්සේ නොබිඳී පැවැති එම ඓතිහාසික වාර්තාව අලුත් කිරීමට චීන ක්‍රීඩිකා චෙන් යූජී සමත් තිබෙනවා.