ඔබත් මේ දිස්ත්‍රික්ක 11න් එකකද ඉන්නේ? නායයෑම් අනතුරු ඇඟවීම් යළි දීර්ඝ කෙරේ..
Friday, 25 September 2026 - 17:22 | Views - 44
දිවයින පුරා පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 11ක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය හෙට පස්වරු 4.00 දක්වා යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් පියවර ගෙන තිබෙනවා.

අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළීම් සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතිශය විමසිලිමත් වන ලෙස එම ආයතනය දැනුම් දුන්නා.

ඒ අනුව කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනවා.

කඳුකර සහ බෑවුම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව පස් කඳු කඩා වැටීම් හෝ ජල උල්පත් මතුවීම් වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් උපදෙස් ලබා දී සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top