රුමේෂ් තරංග වෙනුවෙන් ආනයනය කළ නව හෙල්ලය ජපානයට.. ආසියානු ක්‍රීඩා උළෙලේ ඔහුගේ මීළඟ ඉලක්කය මෙන්න..
Friday, 25 September 2026 - 20:55 | Views - 36
ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විශේෂයෙන් ආනයනය කරන ලද ස්වීඩනයේ නිෂ්පාදිත නවතම හෙල්ලය ඊයේ (24) දිනයේදී ජපානය වෙත ලැබී තිබෙන බව වාර්තා වනවා.

මෙම නව හෙල්ලය ලැබීමත් සමඟම තරගාවලිය සඳහා වන සූදානම තවත් ශක්තිමත් වූ බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න ප්‍රකාශ කළා.

මේ අතර, ආසියානු ක්‍රීඩා උළෙලේ රුමේෂ් තරංග සහභාගි වන හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මූලික වටයේ තරගයක් හෙට පැවැත්වීමට නියමිතව තිබුණද, එම කාලසටහනේ වෙනසක් සිදුවී තිබෙනවා.

ඒ අනුව මූලික තරග හෙට නොපැවැත්වෙන අතර, සියලුම තරගකරුවන් ලබන 28 වැනිදා කෙළින්ම අවසන් තරගය සඳහා තරග වැදීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top