රුමේෂ් තරංග වෙනුවෙන් ආනයනය කළ නව හෙල්ලය ජපානයට.. ආසියානු ක්‍රීඩා උළෙලේ ඔහුගේ මීළඟ ඉලක්කය මෙන්න..
ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විශේෂයෙන් ආනයනය කරන ලද ස්වීඩනයේ නිෂ්පාදිත නවතම හෙල්ලය ඊයේ (24) දිනයේදී ජපානය වෙත ලැබී තිබෙන බව වාර්තා වනවා.
මෙම නව හෙල්ලය ලැබීමත් සමඟම තරගාවලිය සඳහා වන සූදානම තවත් ශක්තිමත් වූ බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න ප්‍රකාශ කළා.
මේ අතර, ආසියානු ක්‍රීඩා උළෙලේ රුමේෂ් තරංග සහභාගි වන හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මූලික වටයේ තරගයක් හෙට පැවැත්වීමට නියමිතව තිබුණද, එම කාලසටහනේ වෙනසක් සිදුවී තිබෙනවා.
ඒ අනුව මූලික තරග හෙට නොපැවැත්වෙන අතර, සියලුම තරගකරුවන් ලබන 28 වැනිදා කෙළින්ම අවසන් තරගය සඳහා තරග වැදීමට නියමිතයි.