සැප්තැම්බර් මුල් සති තුනේදී සංචාරකයින් ලක්ෂයකට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට.. වැඩිපුරම ඇවිත් තියෙන්නේ මොන රටින්ද?
Friday, 25 September 2026 - 18:04 | Views - 29
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගයෙන් ඉදිරියට යමින් පවතින බව සනාථ කරමින් සැප්තැම්බර් මාසයේ පළමු සති තුන ඇතුළත පමණක් විදෙස් සංචාරකයින් 107,093 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද නවතම නිල දත්ත සටහන්වලට අනුව අසල්වැසි ඉන්දියාවෙන් මේ කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවෙන් පමණක් සංචාරකයින් 32,536 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 7,906 දෙනෙකු සහ ඕස්ට්‍රේලියාවෙන් 7,393 දෙනෙකුද පැමිණ තිබෙනවා.

එමෙන්ම චීනයෙන් සංචාරකයින් 6,409 දෙනෙකු සහ ජර්මනියෙන් සංචාරකයින් 5,440 දෙනෙකුද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මෙම සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඉහළ සංචාරක පැමිණීම් සටහනත් සමඟම 2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,642,215ක් දක්වා ඉතාමත් ඉහළ අගයකින් වර්ධනය වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top