ඔබත් මේ දිස්ත්‍රික්ක 11න් එකකද ඉන්නේ? නායයෑම් අනතුරු ඇඟවීම් යළි දීර්ඝ කෙරේ..
දිවයින පුරා පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 11ක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය හෙට පස්වරු 4.00 දක්වා යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් පියවර ගෙන තිබෙනවා.
අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළීම් සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතිශය විමසිලිමත් වන ලෙස එම ආයතනය දැනුම් දුන්නා.
ඒ අනුව කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනවා.
කඳුකර සහ බෑවුම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව පස් කඳු කඩා වැටීම් හෝ ජල උල්පත් මතුවීම් වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් උපදෙස් ලබා දී සිටිනවා.