ඔබට තවම TIN එකක් නැද්ද? නොවැම්බර් 1 වෙනිදාට කලින් මේ ගැන දැනුවත් වෙන්න නැත්නම් වැඩ වරදී..
එළඹෙන 2026 නොවැම්බර් මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට ප්‍රධාන මූල්‍ය හා නීතිමය කටයුතු රැසක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට කටයුතු කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හදිසි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව නොවැම්බර් 01 වනදා සිට නව බැංකු ගිණුම් ආරම්භ කිරීම, ණය පත් (Credit Cards) සඳහා ඉල්ලුම් කිරීම, වාහන ලියාපදිංචි කිරීම, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම මෙන්ම සමාගම් කොටස් පැවරීම වැනි තීරණාත්මක සේවාවන් ලබා ගැනීමේදී TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව වාර්තා වුණා.
මෙරට බදු පදනම තවදුරටත් පුළුල් කිරීමත්, රට තුළ සිදුවන ප්‍රධාන මූල්‍ය ගනුදෙනු සියල්ලක්ම අතිශය විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමත් අරමුණු කරගනිමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණාත්මක පියවර ගෙන තිබෙනවා.
එම නිසා අදාළ සේවාවන් ඉදිරියේදී ලබාගැනීමට අපේක්ෂා කරන සියලුම දෙනා නොවැම්බර් 01 දිනට පෙර තමන්ගේ TIN සහතිකය සූදානම් කරගැනීමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වනවා.