ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 25 සිට 28 දක්වා අත්හිටුවයි.. ආදායම් බලපත්‍ර පද්ධතියට වෙන්න යන දේ මෙන්න..
දිවයින පුරා ක්‍රියාත්මක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතියේ සිදුකෙරෙන හදිසි යාවත්කාලීන කිරීමක් හේතුවෙන් ලබන සැප්තැම්බර් 25 වැනිදා සිට 28 වැනිදා දක්වා එම සේවාවන් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් අදාළ දින 4ක කාලය තුළ ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සියලුම පද්ධති සේවාවන් අක්‍රිය වන බව වාර්තා වුණා.
මධ්‍යම, ඌව, දකුණ, සබරගමුව, උතුර, වයඹ සහ නැගෙනහිර ඇතුළු පළාත් සභා අටෙහිම ප්‍රධාන ලේකම්වරුන්ගේ පූර්ණ නිල එකඟතාවය සහ අනුමැතිය මත මෙම පද්ධති සංක්‍රමණ ක්‍රියාවලිය (System Cutover) සිදුකිරීමට නියමිතව තිබෙනවා.
දිවයින පුරා ක්‍රියාත්මක eRL 2.0 පද්ධතියේ සමස්ත ක්‍රියාකාරීත්වය, ස්ථාවරත්වය මෙන්ම විශ්වසනීයත්වය ඉහළ නැංවීම සඳහා මෙම තීරණාත්මක යටිතල පහසුකම් යාවත්කාලීන කිරීම සිදුකරන බව බලධාරීන් ප්‍රකාශ කළා.
එම නිසා අදාළ දිනයන්හිදී ආදායම් බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින වාහන හිමියන් මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වනවා.